Covid-19

ඇහැළියගොඩ ඇඟළුම් කම්හලක සේවකයින් 43 දෙනෙකුට කොරෝනා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 27 පස්වරු 5.46ට)

ඇහැළියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන, සේවකයින් 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට නොවැම්බර් 27 වැනි දින තහවුරු වී තිබෙනවා.

නිවෙස් නිරෝධායනයට යොමු කර සිටි මෙම පිරිසගේ, මීට දින 3කට පෙර සිදුකර තිබූ පීසීආර් පරීක්ෂණවල සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඔවුන් 43 දෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඒ අනුව, කොවිඩ් -19 ආසාදිත මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිවෙස් නිරෝධායන සඳහා යොමු කර තිබුණි. අදාළ කර්මාන්ත ශාලාවේ තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top