(RIVIRA.LK, 2020 නොවැම්බර් 27 පස්වරු 06.02ට)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ, නොවැම්බර් 27 වැනි දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අනුව එම පත්කිරීම කර ඇති බවයි. මීට පෙර වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ මහාචාර්ය හරින්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් ඉන් ඉවත්කිරීමට එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබූ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කළා.
