මෙරට සිදු කළ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ අට ඉක්මවයි
(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පෙරවරු 11.54ට)
ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය නොවැම්බර් 27 වන දිනයේ දී අට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද දත්ත අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 802,832ක් ලෙස සටහන් වේ.
එමෙන්ම, එය ජනගහණය මිලියනයකට පීසීආර් පරීක්ෂණ 37,515ක් ඉක්ම වූ ප්රමාණයකි. එමෙන්ම, එක් දිනක දි සිදු කරන ලද වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය නොවැම්බර් 13 වන දින සිදු කර ඇති අතර එය 13,671ක් වූ ප්රමාණයකි.
නොවැම්බර් මාසයේ මේ වන තෙක් පීසීආර් පරීක්ෂණ 290,097ක් සිදු කර තිබෙනවා එමෙන්ම,
- ඔක්තෝම්බර් මාසයේ දී 223,147ක් ද,
- සැප්තැම්බර් මාසයේ දී 61,536ක් ද,
- අගෝස්තු මාසයේ දී 67,813ක් ද,
- ජුලි මාසයේ දී 52,526ක් ද,
- ජුනි මාසයේ දී 42,455ක් ද,
- මැයි මාසයේ දී 42,873ක් ද,
- අප්‍රේල් මාසයේ දී 19,852ක් ද,
- මාර්තු මාසයේ දී 2552ක් ද,
- පෙබරවාරි මාසයේ දී 14ක් ද, සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 22,501ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6,168ක් වේ. හඳුනාගත් ආසාදිතයින්ගෙන් 16,226ක් සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 107ක් වේ.