(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 03.30ට – updated)
ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරඟාවලි තෙවන තරඟය Kandy Tuskers සහ Dambulla Vikings අතර නොවැම්බර් 28 දින පැවැත්වුනා. එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 04කට ලකුණු 195ක් රැස් කළා. දසුන් ශානක පන්දු 37ක දී ලකුණු 73ක් රැස් කළේ 6 පහර 4ක් සහ 4 පහර 8ක් සමගයි. පටෙල් ලකුණු 58ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 25ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණු 20කට කඩුළු දෙකක්ද, නවීන් උල් හක් ලකුණු 42කට කඩුළු දෙකක් ද බිඳ හෙළීමට සමත් උනා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම වර්ෂාවෙන් බාධා වී තරඟය නතර කරන අවස්ථාව වනවිට පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන සිටියා. පන්දුවට පහරදීමේ දී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් රැස්කරගෙන සිටි අතර ගුර්බාස් ලකුණුු 30කට දැවීගොස් තිබුණා. පන්දු යැවීමේ දී ළහිරු මධුසංක ලකුණු 4කට එක් කඩුල්ලක් ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 10කට එක් කඩුල්ලක් ද, අන්වර් අලී ලකුණු 13කට එක් කඩුල්ලක් ද දවාගෙන තිබුණා.
ඒ අනුව, වර්ෂාව පැවතීම හේතුවෙන් තරඟය නැවත ආරම්භ කිරීම නොහැකි වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව දඹුල්ල කණ්ඩායම ලකුණු 04ක ජයක් ලැබූ බව නිවේදනය කළා.
එම තරඟයේ සජීව විකාශය නරඹන්න මෙතැනින් පිවිසෙන්න.
Kandy Tuskers කණ්ඩායමේ සාමාජිකයින්
දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න. අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ,
විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් ටන්වීර් (පාකිස්තානය)
Dambulla Vikings කණ්ඩායමේ සාමාජිකයින්
දේශීය – දසුන් ශානක, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල , උපුල් තරංග , ලහිරු කුමාර , කසුන් රාජිත, ඔෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, මලින්ද පුෂ්පකුමාර, අශේන් බණ්ඩාර, සචිඳු කොළඹගේ, කවිඳු නදීශාන්
විදේශීය – අන්වර් අලී (පාකිස්ථානය) , පෝල් ස්ටිර්ලින්ග් (අයර්ලන්තය) , සුදීප් ත්‍යාගි (ඉන්දියාව), අෆ්ටබ් අලාම් (ඇෆ්ගනිස්තානය) එස්. ශින්වාරි සහ සමිත් පටෙල් (එංගලන්තය)

