(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 02.37ට)
ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරඟාවලි දෙවන තරඟය Galle Gladiators සහ Jaffna Stallions අතර නොවැම්බර් 27 දින පැවැත්වුුුුනා. එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්‍රීඩි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී 175ක් රැස් කළා. පන්දුවට පහර දීමේ දී ශහීඩ් අෆ්‍රීඩි පන්දු 28කින් ලකුණු 58ක් ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක්ද, භානුක රාජපක්ෂ ලකුණු 21ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවර් ලකුණු 44කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වූ අතර වනිඳු හසංරංග ලකුණු 12ට කඩුළු දෙකක් ද, තිසර පෙරේරා ලකුණු 30කට එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම ද පන්දුවාර 19යි පන්දු 03ක දී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 176ක් රැස් කරමින් තරඟය ජයග්‍රහණය කළා. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුනු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63ක දී නොදැවී ලකුණු 92ක් රැස් කළේ 6 පහර 7ක් සහ 4 පහර 5ක් සමගයි. ශොයිබ් මලික් නොදැවී රැස් කළ ලකුණු ගණන 27ක්.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීගී තරඟාවලියේ දෙවන තරඟය ගාල්ල කණ්ඩායම කඩුළු 08කින් පරදා ජයගැනීමට යාපනය කණ්ඩායම සමත් උනා. තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ අවිශ්ක ප්‍රනාන්දු යි.
එම තරඟය සම්පූර්ණයෙන් නරඹන්න මෙැතින්න පිවිසෙන්න.
එම තරඟයේ සම්පූර්ණ ලකුණු පුවරුව නරඹන්න මෙැතින්න පිවිසෙන්න.
ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතය
දේශීය – තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, නුවනිඳු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තේවේන්ද්‍රයන් දිනෝෂන්, ප්‍රභාත් ජයසූරිය,
විදේශීය – ෂොයෙබ් මලික් (පාකිස්තානය), ජොන්සන් චාර්ල්ස් (බ.ඉ.කොදෙව්), උස්මාන් ශින්වාරි (පාකිස්තානය), කයිල් ඇබොට් (දකුණු අප්‍රිකාව), ටොම් මුවර්ස් (එංගලන්තය), ඩන්කන් ඔලිවර් (දකුණු අප්‍රිකාව)
ගෝල් ග්ලැඩියේටර් සංචිතය
දේශීය – භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න.
විදේශීය – ශහිඩ් අෆ්රිඩි (පාකිස්තානය), අශාන් අලී (පාකිස්තානය), චැඩ්වික් වෝල්ටන් (බ.ඉ.කොදෙව්), අසාම් ඛාන් (පාකිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), හස්රාතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), වකාස් මක්සූඩ් (පාකිස්තානය), අබ්දූල් නසීර් (පාකිස්තානය)

