Sports

LPL Match 04 – Galle Gladiators හා Colombo Kings අතර තරඟයටත් වර්ෂාවෙන් බාධා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 08.22ට)

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරඟාවලියේ 04 වන තරඟය Galle Gladiators සහ Colombo Kings අතර නොවැම්බර් 28 දින පස්වරු 08.00 සිට පැවැත්වීමට නියමිතව තිබුණත් ඊට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

හම්බන්තොට ක්‍රීඩාංගණයට මේ වනවිටත් වර්ෂාව පවතින බව වාර්තා වන අතර තරඟය පැවැත්වීමට හැකියාව ලැබුණත් පන්දුවාර සංඛ්‍යාව අඩු විය හැකි බව විචාරකයින් පවසනවා.

Colombo Kings කණ්ඩායමේ සාමාජිකයින්

දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සි, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර. අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන

විදේශීය – ඇන්ඩ්‍රෙ රසල් (බ.ඉ.කොදෙව්), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය, ලෝරි එවන්ස් (එංගලන්තය)

Galle Gladiators සංචිතය

දේශීය – භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න.

විදේශීය – ශහිඩ් අෆ්රිඩි (පාකිස්තානය), අශාන් අලී (පාකිස්තානය), චැඩ්වික් වෝල්ටන් (බ.ඉ.කොදෙව්), අසාම් ඛාන් (පාකිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), හස්රාතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), වකාස් මක්සූඩ් (පාකිස්තානය), අබ්දූල් නසීර් (පාකිස්තානය)

Rivira FB Group Rivira Youtube
To Top