(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 04.58ට)
ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ ලොව මිලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකුට උපහාර දැක්වීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහභාගී වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රට නොබෙදීමට දිවුරුම් දී තිබිය දී බෙදුම්වාදී ත්‍රස්ථවාදී නායකයෙකුට උපහාර දැක්වීමේ අවස්ථාවකට සහභාගී වීම සම්බන්ධයෙන් කථානායකවරයා වහාම සොයා බැලිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
එහිදී ඊට පිළිතුරු දෙමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහහණ විජේවීර ශ්‍රී ලංකාව තුළ විවෘතව සමරනු ලබන බැවින් දෙමළ ජනතාවට ද තම ඥාතීන් සැමරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි. එසේම ත්‍රස්ථවාදී කණ්ඩායමකට සම්බන්ධ වූවත් නැතත් මවට තම දරුවන් මතක් කිරීමට ඉඩ දිය යුතු බව ද මන්ත්‍රීවරයා පවසා සිටියා.
එහිදී සරත් වීරසේකර අමාත්‍යවරයා යළිත් පැහැදිලි කිරීමට යාමේ දී පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් ලෙස හැසිරුණ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇමතිවරයාගේ කථාවට බාධා කරමින් සිටියා. එහිදී සරත් වීරසේකර, සුමන්තිරන් මන්ත්‍රීවරයා වෙත පවසා සිටියේ ජාතිවාදී ලෙස කටයුතු නොකරන ලෙසයි.

