(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 06.14ට)
මහනුවර රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් සේවකයින් 16 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කරයි. රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, වෛද්‍යවරයෙකු සහ හෙද කාර්යමණ්ඩලයේ 07 දෙනෙකු ද ඒ අතර වන බවයි.
මීට පෙර මහනුරව මහ රෝහලේ උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග එම ඒකකයේ සිදුකළ PCR පරීක්ෂණවලදී මෙලෙස තවත් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝහලේ උගුර කණ නාසය සායනය වසා දැමීමට සහ එම ප්‍රතිකාර ඒකකයට රෝගින් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත

