කොවිඩ්-19

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා බව නොවැ. 30 උදෑසන ඉවත් කෙරේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 29 පෙරවරු 11.25ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත්කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයක්් තවදුරටත් හුදකලා තත්වය ක්‍රියාත්මක කිරීමටත් කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය

හුදකලා බව නොවැම්බර් 30 උදෑසන 5.00 සිට ඉවත් කරන ප්‍රදේශ,

  1. මට්ටක්කුලිය පොලිස් වසම
  2. වෙරළබඩ පොලිස් වසම
  3. පිටකොටුව පොලිස් වසම

හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රදේශ,

  1. මෝදර පොලිස් වසම
  2. බ්ලූමැන්ඩල් පොලිස් වසම
  3. කොටහේන පොලිස් වසම
  4. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
  5. ආදුරුප්පු වීදිය පොලිස් වසම
  6. වේල්ල වීදිය පොලිස් වසම
  7. කෙසෙල්වත්ත පොලිස් වසම
  8. මාළිගාවත්ත පොලිස් වසම
  9. දෙමටගොඩ පොලිස් වසම
  10. මරදාන පොලිස් වසම
  11. කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  12. බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම

නොවැම්බර් 30 උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන ප්‍රදේශයන්

මට්ටක්කුලිය පොලිස් වසමේ

  1. රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් (South of Ferguson Road) පාරේ දකුණු ප්‍රදේශය

වැල්ලම්පිටිය පොලිස් වසමේ

  1. ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
  2. සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම
  3. විජයපුර ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

හුදකලා බව නොවැම්බර් 30 උදෑසන ඉවත් කරන ප්‍රදේශ,

  1. මීගමුව
  2. රාගම

හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රදේශ,

  1. වත්තල
  2. පෑලියගොඩ
  3. කැළණිය

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම් දෙන තුරු තව දුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top