,

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 29 පස්වරු 12.13ට)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී සිදුකරන ලද අහඹු පීසීආර් පරීක්ෂණයකින් පුද්ගලයන් 03 දෙනෙකුට එම වෛරසය ශරීරගත වී ඇති බවට නොවැම්බර් 29 වන දින උදෑසන තහවුරු වී ඇති බව වාර්තා වේ.

දඹුල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කළේ, දඹුල්ල මහ නගර සභා බල සීමාවේ පසුගිය කාලයේ සිටම මේ දක්වාම කිසිදු ආසාදිතයෙකු සොයා ගෙන නොසිටි බවයි. නමුත්, ආර්ථික මධ්‍යස්ථානය තුළ කම්කරුවන්, වෙළඳ සහයකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින් 200 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අහඹු ලෙස සිදුකළ බවයි.

ඒ අනුව නොවැම්බර් 28 රාත්‍රියේ දී නිකුත් කරන ලද වාර්තා අනුව ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ මඟින් පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

පොහොය නිමිත්තෙන් නොවැම්බර් 29 වැනි දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තබා ඇති බැවින් ආසාදිතයන් සොයා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව නගරාධිපති ජාලිය ඕපාත මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

Rivira Ads