,

කොබෙයිගනේ කොස්තාපල් යටකර පලා ගිය ටිපර් රථ රියදුරු අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 29 පස්වරු 02.00ට)

කුරුණෑගල, කොබෙයිගනේ, හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ඝාතනය කර පලාගිය ටිපර් රථයේ රියදුරා නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි. සිද්ධියට අදාළ ටිපර් රථයද කුලියාපිටිය ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් නොවැම්බර් 28 වන දින රාත්‍රියේ දී එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී වැලි ජාවාරම් කිරීමේ නිරත වූ ටිපර් රථයක් එම ස්ථානයෙන් පළා යෑමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එය නතර කිරීමට උත්සාහ කර තිබෙන අතර ටිපර් රථයේ රියදුරු විසින් එම පොලිස් කොස්තාපල්වරයා යටකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට රැගෙන රැගෙන යන විටත් ඔහු මියගොස් ඇත. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 32 හැවිරිදි දෙදරු පියෙක්.

Rivira Ads