,

මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 29 පස්වරු 08.42ට)

නොවැම්බර් 29 වන දින පස්වරුවේ මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කිරීමට සිය බලය පාවිච්චි කිරීම හේතුවෙන් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති ඇති අතර දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසී තිබෙනවා. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇති බවත් ඊට අමතරව නාවික හමුදාව ද මහර බන්ධනාගාරය අසල කැඳවා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ඔවුන්ව තවමත් බන්ධනාගාරය ඇතුළට කැඳවා නැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. විශේෂයෙන් බන්ධනාගාරයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. එමෙන්ම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීමට එම පිරිස යොමු කරනවා

Rivira Ads