(RIVIRA.LK, 2020 නොවැම්බර් 29 පස්වරු 09.49ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 07ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 29 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 116 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 100 ඉක්මවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි. ඉන්පසු මාස දෙකක් තුළ මරණ 103ක් වාර්තා වී තිබෙනවා.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.

