,

මහර බන්ධනාගාර ඛේදවාචකයෙන් මිය ගිය ගණන 04 දක්වා ඉහළට, 24කට තුවාල

(RIVIRA.LK, 2020 නොවැම්බර් 29 පස්වරු 10.26ට)

මහර බන්ධනාගාරයෙන් පැන යාම සඳහා රැඳවියන් පිරිසක් දියත් කළ කැරැල්ල පාලනය කිරීමට ගත් උත්සාහය අතරතුර මිය ගිය පුද්ගලයින් 04 දෙනෙකුගේ මෘත දේහයන් රාගම රෝහලට ලැබී ඇති බව එම රෝහල පවසනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙකුද රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි ද එම රෝහල පවසනවා.

මේ වනවිටත් තත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව සහ පොලීසිය සමග එක්ව බන්ධනාගාර නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදමින් කටයුතු කරන බව ඒ අසළට ගොස් සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසනවා.

ගිනි ගැනීම ද පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

Rivira Ads