News

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ 600ක වැඩි පිරිසකට ස්ථාන මාරු වීම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවකයින් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දීමට තීරණය කර ඇති බව එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතීඥ සුමිත් අලහකෝන් සඳහන් කරයි.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනි දිනට පසුව සේවයට බැඳුණු පිරිස පමණක් තවදුරටත් දෙපාර්තුමේන්තුවේ රාජකාරි කරනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ සුමිත් අලහකෝන් ‘ රජය තීරණයක් අරගෙන තියෙනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සියළුදෙනාම 2020 ජනවාරි 01 දාට පෙර සේවයට වාර්තා කරපු සියළුදෙනාම මාරු කරන්න. එතකොට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ, ඒකාබද්ධ සේවයේ ඒ වගේම, දෙපාර්තුමේන්තුගත සේවාවල නිලධාරීන් මාරු කරන්න තීරණයක් අරන් තියෙනවා දෙපාර්තුමේන්තුවේ පසුගිය කාලයේ ඇති වෙච්ච තත්ත්වයන්ට විසඳුමක් විදියට. විශේෂයෙන් ජනතාවගේ පැත්තෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබිච්ච පැමිණිලි මත ජනාධිපතිතුමා සහ අපේ ගරු අමාත්‍යතුමා එකතුවෙලා සාකච්ඡාවකදී ගත්තු තීරණයක්. 2020 ජනවාරි පළමුදාට පසුව ආපු අය නැතුව සේවකයින් 600කට වැඩි පිරිසකට ස්ථාන මාරු ලබන්න වෙනවා.’ යැයි පැවසුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top