Covid-19

නීතිපතිට කොවිඩ් – 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි

වව්නියාවේ ඉදි කළ නිවාඩු නිකේතනයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ නීතිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වි තිබෙනවා. නීතිපතිවරයා ඇතුළුව නිලධාරින් පිරිසට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් එය තහවුරු වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න සඳහන් කරයි.

පසුගියදා වව්නියාව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති අතර එම අවස්ථාවට සහභාගී වූ නීතීඥවරයෙකුට කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු විය. ඒ අනුව, නීතිපතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් පිරිස පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කර තිබිණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top