දේශීය පුවත්

නයිජීරියාවේ සිට අකුරණට එවා තිබූ මත් කොළ තොගය

නයිජීරියාවේ සිට තැපැල් මඟින් පාර්සලයක් ලෙස සකස් කර තිබූ ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන මත් කොළ තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් කටුනායක ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානයේ දී සිය භාරයට ගෙන තිබෙනවා.

හිස කෙස් කළු පැහැ ගැන්වීම සඳහා භාවිතා කරන හෙනා නිෂ්පාදන බව පවසමින් අදාළ පාර්සලය නයිජීරියාවේ සිට මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට කටුනායක ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය වෙත එවා තිබු බව වාර්තා වේ.

මෙම මත්ද්‍රව්‍ය කොළ තොගය ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් වෙත පරීක්ෂා කිරීමට යොමු කර තිබූ අතර එහිදී එය මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙනවා.

මෙම කොළ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top