දේශීය පුවත්

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

ගන්දර පොලිස් ස්ථානයේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි වැදුණු සැකකරුගේ තත්ත්වය බරපතල නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.

30 හැවිරිදි වියේ පසු වන අදාළ සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවේ පසු වූ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගන්දර පොලිස් ස්ථානයේ දී පොලිස් සැරයන්වරයෙකු සිය ගිනි අවියේ පතොරම් ඉවත් කිරීමට යාමේ දී අහඹු ලෙස උණ්ඩයක් පිට වී ඇති බව අදාළ පොලිස් සැරයන්වරයා විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. කෙසේ වෙතත්, පොලිස් විනය සංග්‍රහය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top