කොවිඩ්-19

ව්‍යාජ පුවත් එපා, දැනට ආදාහනය පමණයි – සෞඛ්‍ය අමාත්‍යංශය

කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසැම්බර් 27 දින නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සීටී.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමහර දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පවසයි.

එම නිවේදනයෙන් සඳහන් පරිදි දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ්-19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි. එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වළකින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rivira FB Group Rivira Youtube
To Top