Covid-19

දෙසැම්බර් 30 වනවිට කොරෝනා වෛරසය මෙරටට කළ බලපෑම

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව දෙසැම්බර් 30 වන බදාදා දින පෙරවරු 10.15 වනවිට 42,063ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් ආසාදිතයින් 195 දෙනෙකු මිය ගොස් ඇති අතර 33,925 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වනවිට ආසාදිතයින් 7,943 දෙනෙකු සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් ආසාදිතයින් අතරින්,

  • සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය - 80.65%
  • මරණ අනුපාතය - 0.46%

මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • බ්‍රැන්ඩික්ස් - පෑලියගොඩ කොරෝනා පොකුර – 38,352
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,677
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 130
  • කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 91%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුර ආශ්‍රිතව ඇති වූ දෙවැනි රැල්ලට අදාළවයි.

එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,223,582ක් වන අතර දෙසැම්බර් 29 දින පරීක්ෂණ 10,564ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව,

  • ජනගහණය මිලියනයකට වාර්තාවන ආසාදිතයින් ගණන - 1,965
  • ජනගහණය මිලියනයකට වාර්තාවන මරණ ගණන - 09
  • ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන - 57,176

දෙසැම්බර් 29 දින තෙක් වාර්තා වූ ආසාදිතයින් දිස්ත්‍රික්ක අනුව,

  1. කොළඹ - 17,113
  2. ගම්පහ - 8,785
  3. කළුතර - 2,866
  4. මහනුවර - 1,215
  5. කල්මුණේ - 700
  6. කුරුණෑගල - 578
  7. රත්නපුර - 567
  8. ගාල්ල - 564
  9. කෑගල්ල - 482
  10. පුත්තලම - 443
  11. නුවරඑළිය - 421
  12. මාතර - 290
  13. බදුල්ල - 171
  14. අනුරාධපුර - 136
  15. යාපනය - 121
  16. මඩකලපුව - 116
  17. හම්බන්තොට - 109
  18. මොණරාගල - 114
  19. මාතලේ - 90
  20. ත්‍රිකුණාමලය - 76
  21. පොළොන්නරුව - 46
  22. අම්පාර - 40
  23. වවුනියාව - 32
  24. කිලිනොච්චි - 17
  25. මන්නාරම - 14
  26. මුලතිවු - 05

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top