Covid-19

කොවිඩ් මෘත දේහ 5ක් හෝමාගම මූලික රෝහලේ

කොවිඩ් – 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කර තිබෙන හෝමාගම රෝහලේ මේ වන විට මුස්ලිම් ජාතික කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින් පස් දෙනෙකුගේ මෘත දේහ තැන්පත් කර තිබෙන බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ සඳහන් කරයි.

දින ගණනාවක සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත කර තිබෙන මෙම මෘත දේහයන් නිසා රෝහල් කාර්යමණ්ඩලය දැඩි සෞඛ්‍යමය ගැටලුවකට මුහුණු පා ඇති බව වාර්තා වේ. එයට හේතුව වී තිබෙන්නේ, මෘත දේහ අධිශීතකරණය තුළ තැන්පත්ව තිබීමෙන් වෛරසය පැතිරීමට ඇති අවදානම බවයි වෛද්‍යවරිය සඳහන් කළේ.

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීම මෙන්ම එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මේ ආකාරයෙන් දින ගණනාවක් තැන්පත්ව තිබීම සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම කොවිඩ් මෘත දේහයන් අතරින් 4ක් පමණක් අධි ශීතකරණය තුළ තැන්පත් කර ඇති බවත් අනෙක් දේහය ඉන් පිටතත් තැන්පත් කර ඇති බව අධිකරණ වෛද්‍යවරිය සඳහන් කරයි.

එබැවින්, දින ගණනාවක සිට අධි ශීතකරණයෙන් පිටත තැන්පත් කර තිබෙන සිරුර දැඩි ලෙස නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවතින බවත් ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් හෝමාගම මූලික රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ගයාන් චමින්ද සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top