කොළඹ දිස්ත්‍රික්කයේ ඔක්තෝම්බර් 04 වැනි දින සිට වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජනවාරි 06 වන දින ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 522ක් වාර්තා වූ අතර ඉන් 206 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 19,196ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එදින කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 36 දෙනෙකු බොරැල්ලෙන් ද, 32ක් කොල්ලුපිටියෙන් ද, 27ක් නාරාහේන්පිට ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇත.
මීට අමතරව, පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය - 97
කළුතර දිස්ත්‍රික්කය - 81
ගාල්ල දිස්ත්‍රික්කය - 28
කුරුණෑගල දිස්ත්‍රික්කය - 27
අම්පාර දිස්ත්‍රික්කය - 24
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 17
- කෑගල්ල දිස්ත්‍රික්කය – 13
- රත්නපුර දිස්ත්‍රික්කය – 12
- මහනුවර දිස්ත්‍රික්කය – 07
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 05
- යාපනය දිස්ත්‍රික්කය – 03
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මීට අමතරව, කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ද ආසාදිතයෙකු ලෙස වාර්තා වී ඇත. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7006ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් ගණන 39,023ක් වේ. එමෙන්ම, ජනවාරි 06 වන දින තවත් කොවිඩ් – 19 මරණ 02ක් වාර්තා වූ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් ඇත.

