දේශීය පුවත්

යාපනයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට නොසන්සුන්තාවයක්

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීම මුල් කර ගෙන ජනවාරි 08 වන දින දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය සඳහන් කරයි.තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබූ බව ද වාර්තා වේ.

යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් මෙම ස්මාරකය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඉදිකර තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top