පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ජනවාරි 11 වන දින අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මඩකළපුව මහාධිකරණයේදී නඩුව ජනවාරි 11 වන දින මෙම නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් විසින් එම තීරණය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් ඇතුළු පස් දෙනෙක්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඔවුන් පස් දෙනෙක් ද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.
2005 නත්තල් දින දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් ඝාතනය සිදු කෙරුණු අතර ඒ සඳහා ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙක්ට චෝදනා එල්ල විය. පසුව 2020 නොවැම්බර් 24 වැනි දින ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදා හැරීමට නියෝග කළේ ය.

