කොවිඩ්-19

‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සහභාගී වූ මන්ත්‍රීවරයෙක්ට කොරෝනා

දමන ප්‍රදේශීය සභාවේ උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේට සහ ඔහුගේ රියදුරුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, අහඹු ලෙස කරන ලද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බව තහවුරු වූ බවයි.

අම්පාර උහන ලාතුගල ප්‍රදේශයේ ජනවාරි 09 වැනි දින ජනාධිපතිවරයා සහභාගී වූ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට ද උප සභාපතිවරයා සහභාගී වී ඇති අතර එහිදී මහජනයා සමඟ සමීපව කටයුතු කර ඇති බව අනාවරණය වි ඇත.

එමෙන්ම, ඔහු සමඟ සමීපව කටයුතු කළ වනජීවි වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන පදිංචි නිවාස විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එම පවුල්වල සාමාජිකයින් නිරෝධායනය කර පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

මීට අමතරව, ඔහු සමඟ සමීපතම පවුල් 100ක් පමණ නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

Rivira FB Group Rivira Youtube
To Top