පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් සිවනේස්තුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ ජෝසෆ් පරරාජසිංගම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහුව නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා ජනවාරි 13 වන දින නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව ජනවාරි 11 වන දින මඩකලපුව මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩී. සුසයිදාසන් ඉදිරියේදී විභාගයට ගැණුනු අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් විසින් මෙම නඩුව ඉදිරියට ගෙනයෑමට අදහසක් නොමැති බව දැනුම් දීමෙන් අනතුරුව අධිකරණය දැනුම් දුන්නේ ජනවාරි 13 වන දින නඩුවේ තීන්දුව ලබා දෙන බවයි.
2005 නත්තල් දින දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංගම් ඝාතනය සිදු කෙරුණු අතර ඒ සඳහා ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙක්ට චෝදනා එල්ල විය. සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් සහ අනෙක් සැකකරුවන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර 2020 නොවැම්බර් 24 වනදා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සැකකරුවන් සිව් දෙනා ද ජනවාරි 13 වන දින නිදහස් කෙරුණි.
වැඩිදුර කියවන්න.

