කොවිඩ් – 19 ආසාදිත වූ මහර බන්ධනාගාර රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව, බන්ධනාගාර ආශ්රිතව වාර්තා වූ කොවිඩ් – 19 මරණ ගණන 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, තවත් බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඒ් අනුව, බන්ධනාගාර පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ප්රමාණය 4144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතයින්ගෙන්, 880 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් ද, 854 දෙනෙකු මැගසින් බන්ධනාගාරයෙන් ද, 813 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් ද,425 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ද, 351 දෙනෙකු මීගමුව බන්ධනාගාරයෙන් ද වාර්තා වී ඇත. මීට අමතරව, බන්ධනාගාර ආශ්රිතව වාර්තා වූ ආසාදිතයින් අතර බන්ධනාගාර නිලධාරීන් 129 දෙනෙකු ද වේ.
බන්ධනාගාර ආශ්රිතව හඳුනාගත් ආසාදිතයින්ගෙන් මේ වනවිට රැඳවියන් 3850 දෙනෙකු සහ නිලධාරීන් 123 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රැඳවියන් 285 දෙනෙකු සහ නිලධාරීන් 06 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
