ව්‍යාපාර

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව හොරණ දී විවෘත කෙරේ

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනවාරි 14 වන දින පස්වරුවේ දී හොරණ දී විවෘත කෙරිණි.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය පරිසර හිතකාමී ලෙස ඉදිකර ඇත.

අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්ත මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනවලින් 80%ක පමණ ප්‍රමාණයක් අපනයනය ඉලක්ක කරගනිමින් නිපදවේ. ඉතිරි 20%ක ප්‍රමාණය දේශීය වෙළඳපොළට සැපයේ. එම කර්මාන්තශාලාවේ නිපදවෙන ප්‍රථම නිෂ්පාදන තොගය ජනවාරි මාසයේ දී ඇමරිකාවට අපනයනය කිරීමට නියමිතයි.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වෙයි.

කුඩා මෝටර් රථවල සිට දැවැන්ත බර වාහන දක්වා සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top