ඇහැළියගොඩ, පානදුර, බේරුවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා බවින් ඉවතට
පහත දක්වා ඇති ප්‍රදේශයන්හි හුදකලා බව ජනවාරි 16 උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ.
ඇහැළියගොඩ පොලිස් වසමේ
- මින්නාන ග්‍රාම නිලධාරී වසම
- බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම
- විලේගොඩ ග්‍රාම නිලධාරී වසම
- අස්ගඟුල ග්‍රාම නිලධාරී වසම
- යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම
පානදුර පොලිස් වසමේ
- 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම
බේරුවල පොලිස් වසමේ
- මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
- මග්ගොල බටහිර ග්‍රාම නිලධාරී වසම