වහාම ක්‍රියාත්මක වන පරිදි බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන සහ ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති ධූරයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම ධූරයන්හි බලතල උප සභාපතිවරුන් වෙත පවරා දී ඇත. ඒ අනුව, ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයාගේ බලතල ඇඹිලිපිටිය නගර සභාවේ උප සභාපති දිනේෂ් මධුසංක වෙත ද, බලංගොඩ නගර සභාවේ සභාපතිවරයාගේ බලතල බලංගාඩෙ නගර සභාවේ උපසභාපති තාහීර් මොහොමඩ් රූමි වෙත ද පවරා ඇත.
එමෙන්ම, ඇඹිලිපිටිය හා බලංගොඩ නගර සභා සභාපතිවරුන්ට එරෙහිව චෝදනා කිහිපයක් විභාග කර මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබාදීම සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත්කර ඇති බවද සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.
එම ගැසට් නිවේදනය මෙතැනින්.

