Covid-19

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොවිඩ් වැළඳෙයි

රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා හට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිඛෙනවා. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

තමා මේ වන විට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවත්, ගෙවී ගිය දින කිහිපයේ දී තමා සමග ඇසුරුකළ සියලු දෙනාට සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් ය.

මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා දිනයන්හි දී පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් සහ අනෙකුත් කාර්යාංශ, අනුබද්ධිත කාර්යාංශ, ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ අතරින්, මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වූ අතර පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත 3 දෙනෙකු ද වශයෙන් 9 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top