කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 18 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 270ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 257 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.
එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.
265 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 03 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.
266 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 15 වන දින මියගොස් ඇත. මරණය හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
267 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, මෝදර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 ජනවාරි 15 වන දින වැඩිහිටි නිවාසයක දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
268 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘද රෝගී තත්ත්වය සහ උග්‍ර දියවැඩියාවයි.
269 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇති අතර එම මධ්‍යස්ථානයේ දි 2021 ජනවාරි 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය නිසා ඇති වූ බ්‍රොන්කෝ නියුමෝනියාවයි.
270 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

