73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල පෙබරවාරි 04 වැනි දින සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් චාම් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍රයේ පවත්වන බව රජය නිවේදනය කළා.
මෙවර නිදහස් දින උත්සවයේ තේමාව වන්නේ, ‘ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව් බිමක්’ යන්නයි.
‘නිදහස් දින සමරු උළෙල එහි ගාම්භිරත්වය කෙසේවත් අඩු නොවෙන විදියට සෞඛ්‍ය නීති රීති අනුගත වෙලා ඊට අනුකූලව සම්පූර්ණයෙන් මේ උත්සවය පුළුවන් තරම් චාම් අයුරින් පැවැත්වීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ වගේම නිදහස් චතුරස්‍රය තමයි පසුගිය වසරේ වගේම මේ වසරේත් උත්සවය පැවැත්වෙන්නේ. මෙතනදී ප්‍රධාන ආරාධිතයා විදියට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගරු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදේශ තානාපතිවරු ඇතුළු විදේශ නියෝජිතයින් සහ අනෙකුත් විශේෂ ආරාධිතයින් මෙයට සහභාගී වෙනවා. ඒ වගේම මෙයට සහභාගී වෙන භට පිරිස් සහ අනෙකුත් පෙළපාලියට සහභාගී වන සියළුදෙනා ඊට ප්‍රථම ඇන්ටිජන් පරික්ෂාව හරි පීසීආර් පරික්ෂාව හරි කරලා ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථිර කරගෙන තමයි මේ සඳහා අපි සහභාගී කර ගන්නේ. මේ සැරේ නිදහස් සැමරුමේ තේමාව තමයි ‘ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව් බිමක්’ කියන එක.’
‘ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය මේ සඳහා යුද හමුදාවෙන් 3271 දෙනෙකුත්, නාවික හමුදාවෙන් 808 දෙනෙකුත්,ඒ වගේම ගුවන් හමුදාවෙන් 907 දෙනෙකුත්, පොලීසියෙන් 664ක්, පොලිස් විශේෂ කාර්යබලකායෙන් 432ක්, සිවිල් ආරක්ෂක බලකායෙන් 558ක් සහ ජාතික ශිෂ්‍ය භට බලකායෙන් 336 සහභාගී වෙන්න, ඒ කියන්නේ භට පිරිස් සහ පාසල් දූ දැරියන් සහභාගී වෙන්න කටයුතු කරලා තියෙනවා.
ඊළඟට නිදහස් උළෙල පැවැත්වීමට පෙර වෙනදා පෙරහුරු දින කිහිපයක් පැවැත්වෙනවා. මෙතනදී ජනවාරි මාසේ 29,30,31 දිනවල ඒ නිදහස් උත්සවය පැවැත්වෙන ස්ථානයේ පෙරහුරු උළෙලවල් පැවැත්වෙනවා. ඒ වගේම, 2021 පෙබරවාරි 01,02 හා 03 යන දිනවලත් පෙරහුවරුවන් පැවැත්වෙනවා.
මීට අමතරව, විශේෂයෙන් පෙබරවාරි 01 දා ඉඳන් 07 වැනි දා දක්වා පුරා සතියක කාල සීමාවක් රජයේ ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීම සහ පෙබරවාරි 03 සහ 04 දින විදුලි ආලෝකකරණයෙන් අලංකාර කිරීම පිළිබඳව සියලුම රජයේ ප්‍රධානීන් සහ රජයේ ආයතන දැනුවත් කරලා තියෙනවා.’

