මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුවක් අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් කල බවට ගොනු කළ පෙත්සම් විභාගය මාර්තු 03 වනදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය නියම කළා.
එම පැමිණිල්ල ජනවාරි 19 අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී එලෙස එම නඩු විභාගය කල් තැබිණි.
එහිදී වගඋත්තරකාර අනුරුද්ධ පාදෙණිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීමෙ හේතුවෙන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව දැනුම් දුන්නා.
ඒ අනුව, නඩු විභාගය මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ යන අය විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

