කොවිඩ්-19

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ බිරිඳටත් හා දියණියටත් කොවිඩ්

කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ඔහුගේ බිරිඳ හා දියණිය ප්‍රතිකාර සඳහා කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා, රියදුරා, ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදිත වී නොමැති බවට ජනවාරි 19 වන දින සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගත් මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස මේ වන විට සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලබා දී ඇත.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියගේ රියදුරාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට කෑගල්ල රෝහලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

Rivira FB Group Rivira Youtube
To Top