කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 19 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 273ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.
එම මරණ පිළිබඳව තොරතුරු මෙසේය.
271 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, අරණායක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙකි. මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව නිසා ඇති වූ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.
272 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48ක කාන්තාවකි කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 17 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස වාර්තා දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකි.
273 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ,මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක කාන්තාවකි. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 ජනවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ශ්වසන පද්ධතිය අක්‍රීය වීමයි.

