පූනානි කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොරෝනා ආසාදිතයා ඇහැලියගොඩ, පැල්පිටිය ඇහැලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.
පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කොවිඩ් ආසාදිතයා ජනවාරි 19 වන දින රාත්‍රී 7.30ට පමණ පළාගොස් තිබෙනවා. මොහු 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ බේකරියක සේවය කළ අයෙක් වන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවට ද වාර්තා වන බවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් පසුව, කොවිඩ් රෝගීන් 14 දෙනෙක් පමණ මෙලෙස පැනගොස් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එසේ පැනගොස් ඇති සියලුදෙනා මත්කුඩු හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට වාර්තා වන බවත් පැවසුවා.

