කොරෝනා වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට ඉඩදිය නොහැකි බැවින් සෞඛ්‍යා උපදෙස් අනුගමනය කරමින් දරුවන් පාසලට එවීම දෙමව්පියන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ජනවාරි 20 වන දින පැවති උත්සවයකට ZOOM තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා, ‘ලෝකයම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විවිධ දේ ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ආපස්සට දැමීමට ඉඩ දිය නොහැකියි. පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි මට දැනගන්නට ලැබුණා.
මෙවැනි අවස්ථාවක දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරෙනවා, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල වෙත යොමු කිරීමට. ඒ නිසා දැනුවත්භාවයයි වැදගත්. දරුවන් ආරක්ෂා වන පරිදි පාසල් වැඩ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම වැදගත්.’යනුවෙන් පැවසුවා.
හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ දස වර්ෂ පූර්ණ සැමරුම ජනවාරි 20 වන දින පෙරවරුවේ පැවැත්වුනේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත් යන අමාත්‍යවරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ය.

