Covid-19

සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 274ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 20 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 261 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණය පිළිබඳව තොරතුරු මෙසේය.

274 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 20 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව නිසා ඇති වූ ලේ විෂ වීමේ කම්පනය සහ උග්‍ර දියවැඩියාවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top