Foreign

ඉන්දියාවේ එන්නත් නිපදවනු ලබන සේරම් ආයතනයේ ගින්නක්

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ඇති වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගින්න හට ගෙන ඇත්තේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක වන අතර ගින්න නිවා දැමීමට මේ වන විට ගිනි නිවීමේ භටයින් දැවැන්ත වෑයමක් දරමින් සිටින අතර එහි සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත්, ගින්න හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා සමඟ සහයෝගීවයෙන් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවනු ලබන කොවිෂීල්ඩ් එන්නතේ නිෂ්පාදනයට මින් බලපෑමක් එල්ල නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top