කොවිඩ්-19

පෑළියගොඩින් හා අතුරුගිරියෙන් කොවිඩ් මරණ 2ක්, සමස්තය 276 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 21 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 263 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණය පිළිබඳව තොරතුරු මෙසේය.

275 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර නියුමෝනියාවයි.

276 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ස්නායු පද්ධතියේ ඇති වූ ආසාදනයක් මඟින් බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි.

Rivira FB Group Rivira Youtube
To Top