,

තවත් කොවිඩ් – 19 මරණ 02ක්, සමස්ත මරණ ගණන 278ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 22 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 278ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 265 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණය පිළිබඳව තොරතුරු මෙසේය.

277 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික රෝහලේ දී 2021 ජනවාරි 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

278 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතිිික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2021 ජනවාරි 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම සහ වකුගඩු අක්‍රීය වීමයි.

Rivira Ads