එක රටක් නම්, එක නීතීයක් තිබිය යුතුයි – අමාත්‍ය සරත් වීරසේකර

එක රටක් නම් පැවතිය යුත්තේ එක නීතියක් බවත් කාති උසාවි සම්බන්ධයෙන් දැනට පවතින ගැටලුව නව ව්‍යවස්ථාව මඟින් නිසැකවම නිරාකරණය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පැපිලියාන සුනේත්‍රා දේවී පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව පැවති ලේ දන්දීමේ වැඩසටහනට එක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ය.

එහිදී අමාත්‍යවරයා, ‘දැනට තියෙන ව්‍යවස්ථාව අනුව, දැනට තියෙන මේ කාති උසාවියක් තියෙනවා. ඒක නිසා නව ව්‍යවස්ථාවෙන් අනිවාර්යයෙන්ම මේ වගේ තියෙන ප්‍රශ්න ටික, ගැටලු ටික විසඳනවා. මං හිතනවා ඒක තමයි කරන්න ඕනේ. දැනට තියෙන තත්ත්වය අනුව ඒක නීත්‍යානුකූල බවක් ඒකට තියෙනවා. ඒ වගේම තමයි, මුස්ලිම් නීති තියෙනවා, තේසවලාමේ නීති තියෙනවා, උඩරට නීති තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම මං හිතන්නේ යම් කිසි ප්‍රමාණයකට විසඳයි නව ව්‍යවස්ථාවෙන්.

ඉතින් එතකම් දැනට මේක නීත්‍යානුකූල නිසා තමයි පත්තරේට දාලා තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම අපි ඒකට කැමති නැහැ. එක රටක් නම්, ඇත්ත වශයෙන්ම සියලුම ජනතාවට එක නීතියක් තමයි තියෙන්න ඕනේ. හදිසි වෙන්න එපා. අපි ඉදිරියේ දී බලමු එක රටක්, එක නීතියක් ගේන්නේ කොහොමද කියලා. ඒක ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ නව ව්‍යවස්ථාවකින් මිස පැලැස්තර අලවලා නෙමෙයි.’ යනුවෙන් පැවසුවා.

වැඩිදුර කියවන්න.

Rivira Ads

One thought on “එක රටක් නම්, එක නීතීයක් තිබිය යුතුයි – අමාත්‍ය සරත් වීරසේකර

  • January 26, 2021 at 8:22 am
    Permalink

    සමගිය ගොඩ නැගිය හැක්කේ එකම නීතයක් සාදරනව හැම දෙනාටම ක්‍රියාත්මක කිරීමෙන්. අනික් ආගම් වලට ගරු කල යුතුය. ඒ අයගේ පූජනීය ස්ථාන වලට ගරු කල යුතුය. පෙරහැරවල් පූජා, උත්සව පැවැත්වීමේ නිදහස (සංස්කෘතික) තිබිය යුතුය. නමුත් රටේ නීතිය එකක් විය යුතු අතර සාම පුර වැසියෙක්ම එය යටතේ ජීවත් විය යුතුය. උදාහරණයක් වසයෙන් ඔබ චීනයේ පදිංචිනම්, චීන නීති වලට යටත් විය යුතුය. එක මිනිහට එක බිරින්දෛ , එක පව්ලට දරුවො දෙදෙනෛ හදන්ඩ පුළුවන්. රටේ නීතියට යටත් වෙනද බැරිනං , වෙන රටක් සොයා ගන්ඩ. If anybody does not want to obey the laws of the country, they should find another country. Human Rights Advocates(specially young lawyers) should make a not of this.

Comments are closed.