තවත් කොවිඩ් මරණ 03ක්, සමස්ත මරණ ගණන 283ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 24 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 283ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 270 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

එම මරණය පිළිබඳව තොරතුරු මෙසේය.

281 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 77ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය, අක්මා ආසාදනය සහ වකුගඩු රෝගී තත්ත්වයයි.

282 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 84ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරු 2021 ජනවාරි මස 21 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර ලේ විෂ වීම, කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයයි.

283 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක කාන්තාවකි. මහනුවර මහ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු තෙල්දෙණිය මූලික රෝහලට මරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂ වීමයි.

Rivira Ads