,

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව, මේ වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිත පාර්ලිමේන්තුවේ සාමාජිකයින් ගණන 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට පෙර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන පිරිසට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. එම පිරිසෙන්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට යොමු වෙමින් සිටියි.

Rivira Ads