,

බස්නාහිර සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම සාධනීය තත්ත්වයක

එළඹෙන මාර්තු මාසයේ දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බස්නාහිර පළාතේ සිසුන් සඳහා ජනවාරි 25 වන දින පාසල් ආරම්භ කෙරුණු අතර ඔවුන්ගේ‍ෙ පැමිණීම සාධනීය මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සමස්ථයක් ලෙස ඔවුන්ගේ පැමිණීම ප්‍රතිශතය සියයට 46.52 ක් ලෙස සටහන් වේ.

වැඩිම සිසු සහභාගීත්වයක් එනම් සියයට 65 ඉක්මවූ ප්‍රතිශතයක් මතුගම අධ්‍යාපන කලාපයෙන් වාර්තා වී ඇති අතර හෝමාගම, මීගමුව සහ කළුතර යන අධ්‍යාපන කලාපවලින් සියයට 50 ඉක්මවූ සිසු සහභාගීත්වයක් වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. අඩුම සිසු සහභාගීත්වය එනම්, සියයට 26.81 ක ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ කොළඹ අධ්‍යාපන කලාපයෙන් ය.

ඒ අනුව, බස්නාහිර පළාතේ එක් එක් අධ්‍යාපන කලාපවල සිසුන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.

  1. කොළඹ 26.81%
  2. හෝමාගම 51.72%
  3. පිළියන්දල 40.81%
  4. ශ්‍රී ජයවර්ධනපුර 36.81%
  5. ගම්පහ 42.12
  6. මීගමුව 52.43%
  7. කැළණිය 49.46%
  8. මිනුවන්ගොඩ 56%
  9. මතුගම 65.08%
  10. හොරණ 29%
  11. කළුතර 61.49

කෙසේ වෙතත්, සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තා අනුව, ක්‍රමිකව සිසුන්ගේ පැමිණීම සෑම අධ්‍යාපන කලාපයකට යහපත් වනු ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂා කරයි.

Rivira Ads