කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 25 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.
එම මරණය පිළිබඳව තොරතුරු මෙසේය.
284 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, බේරුවල ප්‍රදේශයේ පදිංචිි 49 හැවිරිදි කාන්තාවකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂ වීම සහ පිළිකා රෝගී තත්ත්වයකි.
285 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, දැරණියගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි. රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම සහ බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි.
286 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.
287 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ හෘදය අක්‍රීය වීමයි.

