,

කොවිඩ් මර්දන එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය ජනවාරි 28 වන දින පෙරවරු 11.35ට පමණ කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වන අතර එන්නත් තොගය නිල වශයෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර ජනවාරි 29 වන දා සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.

ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය ජනවාරි 28 වන දින උදෑසන 9.31 කට මුම්බායි ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ අතර මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා රැගෙන ඒමට කටයුතු කර තිබේ.

Rivira Ads