කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ජනවාරි 28 වන දින සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා සමඟ කෝවිඩ් ආසාදිතව කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ ද සුවය ලබා පැමිණ ඇත.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 18 වැනිදාය. නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.
“මාරාන්තික කොවිඩ් උවදුරින් බේරීමට ජනතාවට දෙන පණිවුඩය තමයි හැංගෙන්න එපා කියන දේ. වෛද්‍ය උපදෙස් පිළිපඳින්න.”
මේ අතර, කොවිඩ්-19 ආසාදිත වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර තිබෙනවා. කොවිඩ් ආසාදිත වූ 07 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ අරුන්දික ප්‍රනාන්දු ය.
වෛරසය ආසාදනයවීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ සෞඛ්‍ය තත්ත්වය ද සුව අතට හැරෙමින් පවතින බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

