කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 07ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 28 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 297ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 284 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.
291 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර වූ දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
292 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 ජනවාරි 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනයයි.
293 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, රත්නපුර ගල්ගෑල්ල ප්‍රදේශයේ පදිංදි 76 හැවිරිදි කාන්තාවකි. රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 ජනවාරි 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර වූ හෘද රෝගී තත්ත්වය, ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාවයි.
294 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව සමඟ හෘදය අක්‍රීය වීමයි.
295 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ බන්ධනාගාර රැඳවියෙක් වන 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දි 2021 ජනවාරි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘදයාබාධයක් සහ උග්‍ර වූ දියවැඩියාවයි.
296 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලකදී 2021 ජනවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග වූ ඇදුම රෝගයයි.
297 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 ජනවාරි 21 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු රෝගයකි.

